
ශ්‍රී ලංකාව ලැබූ ජය
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 49ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 214ක් ලබා ගත්තා.
එහිදී විශිෂ්ට පිති හරඹයක නිරත වූ නායක චරිත් අසලංක සිය එක්දින ක්‍රිකට් දිවියේ සිව්වන ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර එහිදී ඔහු ලකුණු 127ක් රැස් කර ගැනීමට සමත් වුණා.
කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු කිසිඳු ක්‍රීඩකයෙකුට ලකුණු තිහේ සීමාව පසුකර යාමව අවස්ථාව හිමිවුණේ නැහැ.
අනතුරුව ලකුණු 215ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දුවාර 33යි පන්දු 5කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 165ක් පමණයි.
පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු ඕස්ට්‍රේලියානු ඉනිමට ලකුණු 7ක් වන විට ආරම්භක පිතිකරු යුගලම දවා ගැනීමට සමත් වූ අතර දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, වනිඳු හසරංග හා චරිත් අසලංක කඩුලු දවාගනිමින් ශ්‍රී ලංකා ජය තහවුරු කිරීමට සමත් වුණා.