ඇල්ල රක්ෂිතයේ ඇති වූ ගින්න

ඇල්ල රක්ෂිතයේ ඇති වූ ගින්න

ඇල්ල කඳුවැටිය රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා.

අද පස්වරු 2.00 ට පමණ හටගත් මෙම ගින්න තවමත් පැතිරෙමින් පවතින බවයි පොලීසිය සඳහන් කළේ.

ගින්න නිවා දැමීමට මේ වන විට පොලීසිය, ප්‍රදේශවාසීන් සහ ගිනි නිවන භටයින් සමඟ එක්ව කටයුතු කරමින් සිටින බව සඳහන්.

දියතලාව ගුවන් හමුදා කඳවුරේ හදිසි ආපදා ප්‍රතිචාර කණ්ඩායම් දෙකක් ගින්න නිවීමේ මෙහෙයුම් සඳහා යොදවා ඇති බවයි අප කළ විමසීමකදී ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් එරන්ද ගීගනගේ මහතා සඳහන් කළේ.

Share This