
කන්කසන්තුරය රාත්රී තැපැල් දුම්රියේ ගමන් ආරම්භය අද දින සිට මොරටුවෙන්
මේ දක්වා කන්කසන්තුරය බලා ධාවනය වූ දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කෙරුණ ද අද දින සිට මොරටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.
ඒ අනුව එම දුම්රිය මොරටුව දුම්රිය ස්ථානයෙන් රාත්රී 06.55 ට ගමන් ආරම්භ කොට කොටුව දුම්රිය ස්ථනයට පැමිණෙන අතර කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් එය රාත්රී 08.00 ට කන්කසන්තුරය බලා ධාවනය වීමට නියමිතයි.