
වැඩිහිටි දීමනාව ගෙවීම මේ මස සිට
අස්වැසුම පවුල්වල සිටින වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් සඳහා 2024 වර්ෂයේ නොවැම්බර් මස සිට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් සෘජුවම SLIPS ක්‍රමය මඟින් අස්වැසුම ගිණුම්වලට අදාළ දීමනාව ගිණුම්ගත කරන බව දන්වා තිබෙනවා.
ඒ අනුව. අස්වැසුම පවුල්වල සිටින වැඩිහිටියන් හැර මෙතෙක් දීමනාව ලබමින් සිටි වැඩිහිටියන්ට පමණක් තැපැල්/ උප තැපැල් කාර්යාල හරහා ගෙවීම් කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.
අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම වසරේ පෙබරවාරි මස දීමනාව සහ හිඟ දීමනා තැපැල්/ උප තැපැල් කාර්යාල හරහා පෙබරවාරි මස 20 වන දින සිට ගෙවීම් සිදු කරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.