දිල්ලියේ භූ කම්පනයක්

දිල්ලියේ භූ කම්පනයක්

ඉන්දියාවේ දිල්ලි නගරය ආසන්නයේ අද (17) අලුයම භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

රිච්ටර් මාපකයේ ඒකක 4.0ක් ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ සම්බන්ධයෙන් X පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දිල්ලි සහ අවට ප්‍රදේශවල පදිංචිකරුවන්ට පවසා ඇත්තේ සන්සුන්ව සහ ආරක්ෂක පියවරයන් අනුගමනය කරන ලෙසයි.

Share This