වකුගඩු, ආබාධිත සහ වැඩිහිටි දීමනා ඉහළට

වකුගඩු, ආබාධිත සහ වැඩිහිටි දීමනා ඉහළට

වකුගඩු රෝගීන්ගේ, ආබාධිවූවන්ගේ සහ වැඩිහිටි දීමනාව මෙවර අයවැයෙන් ඉහළ දැමීමට යෝජනා කර තිබෙනවා.

ඒ අනුව වකුගඩු රෝගීන් සහ ආබාධිත පුද්ගලයින් සඳහා ලබාදෙන මාසික දීමනාව රු 7,500 සිට රු 10,000 දක්වා වැඩිවනු ඇති.

වැඩිහිටියන්ට ලබාදෙන මාසික දීමනාව රු 3,000 සිට රු 5,000 දක්වා මේ වසරේ අප්‍රේල් මාසයේ සිට වැඩිකිරීමට යෝජනා කර තිබෙනවා.

මේ අතර අස්වැසුම ප්‍රතිලාභීන් වෙනුවෙන් රු බිලියන 232.5ක් වෙන් කර ඇති බව සඳහන්.

Share This