අටමස්ථානාධිපති හිමිට ටිබෙටයෙන් හරසර

අටමස්ථානාධිපති හිමිට ටිබෙටයෙන් හරසර

අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ ආචාර්ය උපාධියකින් පිදුම් ලබා තිබෙනවා.

ඉන්දියාවේ සාරානාත් හි පිහිටි ටිබෙට් උසස් අධ්‍යාපන විශ්ව විද්‍යාලයෙහි දී (Central Tibetan University of higher studies) උන්වහන්සේට එම ආචාර්ය උපාධිය පිරිනමා ඇති බව සඳහන්.

මෙහි විශේෂත්වය වන්නේ ටිබෙට් විශ්ව විද්‍යාලයකින් ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේ නමක් උදෙසා ආචාර්ය උපාධියක් පුදන ලද ප්‍රථම අවස්ථාව වීමයි.

බුද්ධ ශාසනය උදෙසා මහඟු මෙහෙවරක් කරන අටමස්ථානාධිපති හිමියන්ට ශ්‍රී ලංකාවේ පමණක් නොව, විදෙස් රටවලින් පවා ලැබෙන ගෞරවය භක්තිය මින් ප්‍රකට වන අතර මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දියාවේ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ශිකාවත් මහතා සහභාගී වී තිබෙනවා.

එම විශ්ව විද්‍යාලයේ උපකුලපති පූජ්‍ය ගේෂේ වන්ග්චුක් නේගි හිමියන් ද සහභාගී වුණා.

එමෙන්ම මහා සංඝරත්නය ද, තවත් ගිහි පුද්ගලයන් රාශියක් ද සහභාගී වූ මෙම අවස්ථව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බෞද්ධ සහෝදරත්ව පදනමෙහි නිර්මාතෘ ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා ද සහභාගී වී තිබෙනවා.

 

Share This