පළාත් පාලන ආයතන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත විශේෂ බහුතරයකින් සම්මතයි

පළාත් පාලන ආයතන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත විශේෂ බහුතරයකින් සම්මතයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත අද (17) පාර්ලිමේන්තුවේදී සංශෝධන රහිතව බහුතර ඡන්දයෙන් සම්මත වුණා

මෙම පනත් කෙටුම්පතට අදාළ දෙවනවර කියවීමේ විවාදය අද පස්වරු 2 සිට පවස්වරු 7 දක්වා පැවති අතර අනතුරුව පැවති දෙවනවර කියවීමට අදාළ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 187ක් හිමි වූ අතර එහිදී විපක්ෂව ඡන්දය භාවිත වී තිබුණේ නැහැ

එමෙන්ම කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බැලීමෙන් අනතුරුව පැවති තෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂයව ඡන්ද 158ක් හිමි වූ අතර ඊට විපක්ෂව කිසිදු ඡන්දයක් හිමිව නොතිබීම විශේෂත්වයක්

මේ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත තුන්වන වර කියවා සංශෝධන රහිතව බහුතර ඡන්දයෙන් සම්මත කෙරුණා

Share This