සෙලෙන්ස්කි ඒකාධිපතියෙක් -අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගෙන් දරුණු ප්‍රකාශයක්

සෙලෙන්ස්කි ඒකාධිපතියෙක් -අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගෙන් දරුණු ප්‍රකාශයක්

යුක්රේන ජනපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ඒකාධිපතියෙකු ලෙස සඳහන් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

සෞදි අරාබියේ පැවති එක්සත් ජනපද-රුසියා සාකච්ඡාවලට තම රට සහභාගී කර නොගැනීම හේතුවෙන් සෙලෙන්ස්කි දැඩි විවේචන එල්ල කර ඇති බව සඳහන්.

එහිදී යුක්රේන ජනපතිවරයා සඳහන් කර සිටියේ අමෙරිකාවේ ජනපතිවරයා රුසියානු තොරතුරු මත පදනම්ව කටයුතු කරන බවයි.

කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපතිවරයා විසින් සිදුකළ එම ප්‍රකාශය ජර්මානු චාන්සල්වරිය ඇතුළු යුරෝපීය රටවල නායකයින් සිය විරෝධය පළකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This