
රජයේ ඩිජිටල් ආර්ථික කටයුතු සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කරන්න වැඩමුළුවක්
රජයේ ඩිජිටල් ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන, ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීම සඳහා වැඩමුළුවක් ලබන මස 10 වැනිදා පැවැත්වීමට, ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී තීරණය වී තිබෙනවා
ඒ එම කාරක සභාව ඩිජිටල් ආර්ථික අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.
මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ ආණ්ඩුවේ ප්‍රධානතම ඉලක්කයක් වන ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ සංවර්ධනය වේගවත් කිරීම, සමස්ත රටේම සිදුවන පරිවර්තනයක් ලෙස සළකා සියලුම දෙනා කටයුතු කිරීම වැදගත් බවයි
එහිදී රාජ්‍ය ඩිජිටල් කරණයේ ප්‍රමුඛයා වන ICTA ආයතනය ඩිජිටල් ආර්ථික අධිකාරිය යටතට පත්කර වඩාත් ඵලදායී ආකාරයෙන් සේවාවන් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතින බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නිලධාරීහු කාරක සභාවට දැනුම් දුන්නා
තවද රාජ්‍ය ආයතන විසින් විවිධ ආයතන මගින් තමන්ගේ තොරතුරු හා දත්ත රැස්කිරීම වෙනුවෙන් විවිධ පද්ධති නිර්මාණය කර ඇති අතර ඒවා ඉදිරියේදී විධිමත්ව එක් ආයතනයක් ඔස්සේ නිර්මාණය කිරීමේ වැදගත්කමද මන්ත්‍රීවරයන් මෙහිදී පෙන්වා දුන්නා
මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ එවැනි පද්ධති රාජ්‍ය අධීක්ෂණක සහිතව නිර්මාණය කළ යුතු බවත් දැනට එම පද්ධති නිර්මාණය නොකිරීමට අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් ලබාදී ඇති බවයි.
එමෙන්ම දිවයිනේ යම් යම් ප්‍රදේශවල දුරකථන සංඥා ආවරණයන්ගේ පවතින දුර්වලතා පිළිබඳවද අවධානයන යොමු කරමින් ගමට සන්නිවේදනය වැඩසටහන යටතේ හඳුනාගත් ප්‍රදේශවල නව සංඥා කුළුණු 50ක් ඉදිකිරිමට සැළසුම් කර තිබෙනවා
මීට අමතරව ජංගම දුරකථන පරිශීලකයින්ට ජංගම දුරකථන ජාල ක්‍රියාකරු වෙනස් කිරීමේදී තමා භාවිතා කල ජංගම දුරකථන අංකයම නැවත ලබාගැනීමේ හැකියාව පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා වූ අතර ඊට පිළිතුරු ලබාදෙමින් නිලධාරීන් පැවසුවේ එම පහසුකම ලබන ජූනි මස සිට ක්‍රියාත්මක වන බවයි.