
ගණේමුල්ල සංජීව ඝාතනයට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
පොලීසිය පැවසුවේ වෙඩි ප්‍රහාර එල්ල කළ සැකකරුව මෝටර් රථයකින් කඩුවෙල සිට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දක්වා රැගෙන ඒම හා අවි ආයුධ ලබා දීම සම්බන්ධයෙන් දොන් ජනක උදය කුමාර නමැති අයෙක් අත්අඩංගුවට ගත් බවයි
එමෙන්ම අනෙක් සැකකරු හසිත රොෂාන් නම් අතුරුගිරිය පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙක් බව අනාවරණය වී තිබෙනවා
වෙඩික්කරු පලායාමට භාවිත කරන ලද වෑන් රථය මොහු සන්තකයේ තිබි ඇති අතර මෙම වෑන් රථයේ චැසි අංකය, එංජින් අංකය සහ වෑන් රථයේ අංක තහඩු ද ව්‍යාජ බවටයි තහවුරු වී ඇත්තේ
ඒ අනුව මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් 5 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා