ඊශ්‍රායල සහ පලස්තීන සිරකරුවන් පිරිසක් නිදහස් කෙරේ

ඊශ්‍රායල සහ පලස්තීන සිරකරුවන් පිරිසක් නිදහස් කෙරේ

ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමට අනුව තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් හා පලස්තීන සිරකරුවන් පිරිසක් නිදහස් කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

ඒ අනුව ඊශ්‍රායලය පලස්තීන ජාතිකයන් 620 දෙනෙකු නිදහස් කිරීමට නියමිතව තිබූ අතර හමාස් සංවිධානය ගාසා තීරයේ සිරකරුවන් හය දෙනෙකු නිදහස් කර ඇති බව සඳහන්

නිදහස් කළ ප්‍රාණ ඇපකරුවන් 06 දෙනාගේ තොරතුරු හමාස් සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබුණා

මේ අතර ඊශ්‍රායල හමුදා විසින් අල්ලා ගන්නා ලද බටහිර ඉවුරේ වයස අවුරුදු 12 සහ 13 අතර පලස්තීන දරුවන් දෙදෙනෙකු ඝාතනය කර ඇති බව එම වාර්තාවල සඳහන්

Share This