
ප්‍රංශයේ පිහි ඇනුමක් – ත්‍රස්ත ක්‍රියාවක් බව ජනපති මැක්‍රොන් කියයි
ප්‍රංශයේ Mulhouse ප්‍රදේශයේ පිහි ඇනුමක් සිදුව තිබෙනවා.
එම සිදුවීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
තුවාල ලැබූ දෙදෙනා පොලිස් නිලධාරීන් වන අතර පිහි ඇනුම සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසන්නේ මෙය ත්‍රස්ත ප්‍රහාරයක් වන බවයි.
සැකකරු ඇල්ජීරියානු ජාතිකයෙකු වන අතර ඔහු ප්‍රහාරයෙන් අනතුරුව ස්විට්සර්ලන්ත හා ජර්මානු දේශසීමා ආසන්නයේදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.