ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයට පැමිණ ආශිර්වාද ලබාගත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය

ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයට පැමිණ ආශිර්වාද ලබාගත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය

කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඇතුළු කාන්තා නියෝජිත පිරිසක් ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයට පැමිණ ආශිර්වාද ලබාගෙන තිබෙනවා.

ජිනීවා එක්සත් ජාතින්ගේ මූලස්ථානයේ පැවති කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම් පිටුදැකීමේ සම්මුතියට අදාළ සමුළුවට සහභාගී වීමට පැමිණි අමාත්‍යවරිය ජාත්‍යන්තර බෞද්ධ විහාරයට පැමිණ ආශිර්වාද ලබාගෙන ඇති බව සඳහන්.

ආචාර්ය තවලම ධම්මික නාහිමි, පුජ්‍ය හල්විටිගල සුජාත හිමි, මීගමුවේ ගෝතම හිමි වරුන් සෙත් පිරිත් දේශනාකොට එහිදී ආශිර්වාද කර තිබෙනවා.

මෙම නියෝජිත පිරිසට නියෝජ්‍ය පොලිස්පතිනී රේණුකා ජයසුන්දර මහත්මිය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියන්, නීතිපති දෙපාර්තමේන්තුවේ හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියන් පිරිසක්ද සහභාගි වුණා.

ජිනීවාහි ශ්‍රී ලාංකා තානාපතිනි හිමාලි අරුණතිලක මහත්මියගේ මග පෙන්වීමෙන් තානාපති කාර්යාලයේ උපදේශිකා සරිතා රණතුංග මෙනවිය විසින් මෙම නියෝජිත පිරිස කැඳවාගෙන පැමිණ ඇති බව සඳහන්.

 

Share This