මොරටුව විශ්ව විද්‍යාලයේ රසායනික කාන්දුවක්

මොරටුව විශ්ව විද්‍යාලයේ රසායනික කාන්දුවක්

මොරටුව විශ්වවිද්‍යාලයේ විද්‍යාගාරයක රසායනික කාන්දුවක් සිදුව ඇති බව වාර්තා වනවා.

අද (25) පස්වරුවේ මෙම රසායනික කාන්දුව හටගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මේ හේතුවෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති අතර විශ්ව විද්‍යාල භුමියෙන් සියලුම සිසුන් ඉවත් කිරිමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

පරමාණුක බලශක්ති අධිකාරියේ නිලධාරින් සහ කොළඹ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරින් අදාළ ස්ථානය වෙත පැමිණ එම රසායනික කාන්දුව පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

Share This