චීනයේ සීමිත ආරක්ෂක වියදම ජාතික ස්වෛරීභාවය හා ලෝක සාමය ආරක්ෂා කිරීමට ගැලපෙන්නක් – චීනය කියයි

චීනයේ සීමිත ආරක්ෂක වියදම ජාතික ස්වෛරීභාවය හා ලෝක සාමය ආරක්ෂා කිරීමට ගැලපෙන්නක් – චීනය කියයි

චීනයේ ආරක්ෂක වියදම සීමිත ව පවතින අතර එය රටේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන ප්‍රතිලාභයට ගැලපෙන බව චීන විදේශ අමාත්‍යංශය පවසනවා.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා ඒ බව පැවසුවේ නිත්‍ය මාධ්‍ය හමුවට එක්වෙමින්.

මෑත වසරවලදී ‍ලෝකයේ මිලිටරි වියදම් අඛණ්ඩව ඉහළ ගොස් ඇති බවත් වර්තමානයේ ආරක්ෂාක අවදානම් වැඩි වෙමින්, ගෝලීය ආරක්ෂක පාලනයේදී විවිධ පාර්ශ්වයන් පොදු අභියෝගවලට මුහුණ පා ඇතැයි ඉන් පිළිබිඹු වන බවත් ඔහු එහිදී පෙන්වාදී තිබෙනවා.

එහෙත් චීනය සැමවිටම සාමකාමී සංවර්ධන මාවතට නොසැලී අනුගත වන බවත් චීනයේ සීමිත ආරක්ෂක වියදම රටේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන ප්‍රතිලාභය ආරක්ෂා කිරීමටත්, ලෝක සාමය පවත්වා ගැනීමටත් අවශ්‍ය වන බවත් ඔහු අවධාරණය කර තිබෙනවා.

චීනය සැමවිටම ආත්මාරක්ෂක උපායමාර්ගය අනුගමනය කරමින්, කිසිදු රටක් සමඟ අවි තරඟයක නිරත නොවන බව ඔහු තවදුරටත් සඳහන් කළ අතර චීනය අඛණ්ඩව ප්‍රායෝගික ක්‍රියාමාර්ග මගින් ලෝක සාමය, ස්ථාවරත්වය සහ නිශ්චිතභාවය ප්‍රවර්ධනය කරන බව ද Lin Jian මහතා එහිදී අවධාරණය කර තිබෙනවා.

Share This