
UNIDO නියෝජිත පිරිසක් සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා අතර හමුවක්
එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ (UNIDO) නියෝජිත පිරිසක් සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා අතර විශේෂ හමුවක් පවත්වා තිබෙනවා.
ජුවාන් පැබ්ලෝ, ආචාර්ය හයිරෝ, ඒ. විලමිල් ඩයස් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම හමුව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යශයේදී සිදුව ඇති බව සඳහන්.
ශ්‍රී ලංකාවේ ජාතික ගුණාත්මක යටිතල පහසුකම් සංවර්ධනය, විද්‍යාගාර සංවර්ධනය ඇතුළු පර්යේෂණ ආයතනවල අනාගත උපාය මාර්ගික ඉලක්ක ලඟා කරගැනීමට UNIDO සංවිධානයට සහය විය හැකි ආකාරය පිළිබඳව මෙහි දී සාකච්ඡා වී තිබෙනවා
එමෙන්ම ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධනයට සහාය වීම, දෙපාර්ශ්වය අතර තාක්‍ෂණ හුවමාරු සහ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආදී කරුණු පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් ඒ සඳහා අමාත්‍යාංශය යටතේ ඇති ආයතන සමඟ UNIDO මැදිහත්වීම මගින් පහසුකම් සැලසිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව ද කණ්ඩායම දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බවයි සඳහන් වන්නේ.