
විනෝද චාරිකාවක් ගිය බස් රථයක් අනතුරට – 33 දෙනෙකු තුවාල
මුතූර් ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 33 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ත්‍රිකුණාමලය දෙස සිට මඩකලපුව දෙසට විනෝද චාරිකාවක යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් හා ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ
තුවාල ලැබූවන් මුතූර් රෝහලට ඇතුලත් කර ඇති අතර මෙම බස් රථයේ ගමන් කළ පිරිස වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණය වී ඇත්තේ
තුවාල ලැබූ 33 දෙනාගෙන් 18 දෙනෙකුම කාන්තාවන් බවයි වාර්තා වන්නේ.