මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාමේ සිද්ධියට හමුදා බුද්ධි අංශයේ හිටපු නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාමේ සිද්ධියට හමුදා බුද්ධි අංශයේ හිටපු නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම සැකකරුවන් නවගත්තේගම සහ ඇලයාපත්තුව යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.

ඔවුන් අවුරුදු 42 හා 46 වයස්වල පසුවන යුද හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සිටි විශ්‍රාමික සෙබළුන් දෙදෙනෙක්.

2008 වසරේ මැයි මස 22 වනදා දෙහිවල වෛද්‍ය පාර ප්‍රදේශයේදී මාධ්‍යවේදී කීත් නොයාර් මහතා වෑන් රථයකින් පැහැරගෙන ගොස් පහරදී තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Share This