
කුලියාපිටියේ වෙඩි තැබීමක්
කුලියාපිටිය ප්රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.
එහිදී තුවාල ලැබූ පුද්ගලයා ප්රතිකාර සඳහා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
පිටදෙණිය ප්රදේශයේදී තෝරපිටිය වත්තේ අනවසරයෙන් පොල් කැඩීම සඳහා ඇතුළු වීම හේතුවෙන් එහි මුරකරු විසින් ඔහුට වෙඩි තබා තිබෙනවා.
වෙඩිතැබීම සිදුකළ 41 හැවිරිදි වියේ පසුවූ සැකකරු වෙඩිතැබීම සඳහා භාවිතා කළ බෝර 12 පතොරම් තුවක්කුවක්ද සමඟ කුලියාපිටිය පොලිස් ස්ථානය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.