
සෙව්වන්දිට දෙපැත්තෙන්ම මරණීය තර්ජන
ගණේමුල්ලේ සංජීව නමැති පාතාල නායකයාට අලුත්කඩේ අධිකරණයේ විත්ති කූඩුව තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සැලසුමේ මහ මොළකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි නමැති තරුණියට මරණීය තර්ජන එල්ලවී ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.
ඒ අනුව මෙම ප්‍රධාන සැකකාරියට කෙහෙල්බද්දර පද්මේගේ සහ සංජීවගේ පාතාල කල්ලි දෙකෙන්ම මරණීය තර්ජන එල්ලවී තිබෙන බවටයි පොලීසිය වෙත තොරතුරු ලැබී ඇත්තේ.
ගණේමුල්ලේ සංජීව ඝාතන සැලසුමේ සියලු සැලසුම් ඉෂාරා සෙව්වන්දි දැන සිටින බැවින් ඇය අත්අඩංගුවට පත්වීම කෙහෙල්බද්දර පද්මේගේ පාතාල කල්ලියට විශාල අගතියක් වන බව පොලීසිය ප්‍රකාශ කළේ.
මේ හේතුව නිසා කෙසේ හෝ ඇය රටින් පිටකර ඉන්දියාවට හෝ ඩුබායි වෙත ගෙන්වා ගැනීමට පද්මේ දැඩි උත්සාහයක නිරත වී ඇති බව සඳහන්.
එහෙත් සෙව්වන්දි සහ සංජීව ඝාතකයා වූ කොමාන්ඩෝ සමිඳු රටින් පිටකර ගැනීමට ඔවුන්ට නොහැකි වී තිබුණා.
මේ හේතුව නිසා කෙහෙල්බද්දර පද්මේ සිය පාතාල කල්ලියට උපදෙස් දී ඇත්තේ කෙසේ හෝ සෙව්වන්දි ඝාතනය කර දැමිය යුතු බවයි.