අල්ලස් ගත් සංවර්ධන නිලධාරී

අල්ලස් ගත් සංවර්ධන නිලධාරී

රු.50,000ක අල්ලස් මුදලක් ඉල්ලා, ඉන් රු.40,000ක මුදලක් ලබාගත් සංවර්ධන නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිත්තාන්ඩි ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව එම නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

පැමිණිලිකරුගේ බිරිඳගේ නමින් ඇති අක්කර 3ක කුඹුරු ඉඩම සඳහා වගා හානි සිදුවූ බවට සැකකරු වන සංවර්ධන නිලධාරියා විසින්ම ප්‍රකාශ කර ඇති අතර එම වන්දි මුදල් ගෙවීමට අවශ්‍ය කටයුතු ඔහු විසින්ම සිදු කරදී එම මුදල් බැංකුගත කිරීම වෙනුවෙන් රු.50,000ක මුදලක් සැකකරු විසින් ඉල්ලා තිබෙනවා.

ඉන් රු.40,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් වන්දාරුමුලෙයි ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සංවර්ධන නිලධාරියෙකු චෙන්කල්අඩි ප්‍රදේශයේ පිහිටි බැංකුවක් ඉදිරිපිටදී අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු එරාවුර් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

Share This