
මහ විනාශයකට අත වනන ඇල්ෆ්‍රඩ්
ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරයට ආසන්නව ඇදහැළෙන නිවර්තන කුණාටුවක් වන ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව හේතුවෙන් 300,000 කට අධික සංඛ්‍යාවකට විදුලිය ඇණහිට තිබෙනවා.
කුණාටුව නිසා එල්ලවූ ප්රචණ්ඩ සුළං හේතුවෙන් ගස් සහ විදුලි රැහැන් කඩා වැටී ඇති අතර, පහත් බිම්වල මාර්ග ජලයෙන් යට වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ නිසා ජනතාවට එල්ලවිය හැකි තර්ජන අවම කරගැනිමට මාර්ගයන් දෙපස රැඳී සිටින ජනතාවට ඉන් ඉවත් වන ලෙස දැනුම් දී ඇති අතර, අනෙක් පිරිසට ගෘහස්ථව රැඳී සිටින ලෙස ඉල්ලා තිබෙනවා.
ක්වීන්ස්ලන්තයේ සහ උතුරු නිව් සවුත් වේල්ස්හි ජනතාව සුළි කුණාටුවේ බලපෑම එල්ලවිය හැකි ආසන්නතම මට්ටමේ සිටින බැවින් ප්‍රදේශ දෙකෙහිම කාලගුණ අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.