
ග්‍රාම නිලධාරිනියන් අද සිට රාත්‍රී සේවාවලින් ඉවත් වීමේ තීරණයක
සිය ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු හේතුවෙන් අද (14) සිට සියලු ග්‍රාම නිලධාරිනියන් රාත්‍රී කාලයේ සේවාවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය පවසනවා.
ඒ අනුව එම සංගමය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත මේ බව දැනුම් දී ඇත්තේ රාත්‍රියේ යෙදෙන ආපදා, මරණ ඇතුළු සියලු රාජකාරීවලින් ඉවත් වන බවයි
එම සංගමයේ ලේකම් සුදක්ෂි තිලකරත්න මහත්මිය පැවසුවේ පස්වරු 6 සිට උදෑසන 6 දක්වා සේවාවලින් ඉවත්වන අතර අනාරක්ෂිත කාර්යාලවලින් පස්වරු 01 පසු බැහැරවීමට ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය යටතේ පියවර ගන්නා බවයි