ජනප්‍රිය රැප් ගායකයෙකු  අත්අඩංගුවට

ජනප්‍රිය රැප් ගායකයෙකු අත්අඩංගුවට

ප්‍රසිද්ධ රැප් ගායකයෙකු මිලිමීටර නවය වර්ගයේ ගිනි අවියක් සමග හෝමාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

පොලීසිය පැවසුවේ ඔහුගේ කළමනාකරු ලෙස හැඳින්වූ පුද්ගලයෙකුද ගිනිඅවිය ලබාදුන් බව කියන පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගත් බවයි

අදාළ පොලිස් කොස්තාපල්වරයා මාතර කොටවිල පොලිස් ස්ථානයෙන් අදාළ ගිනිඅවිය සොරාගෙන අදාළ රැප් ගායකයාට ලබාදී ඇති බවටයි මේ වනවිට අනාවරණය වී ඇත්තේ

අදාළ ගිනි අවිය යොදා ගෙනමනුෂ්‍ය ඝාතන සිදු කර ඇත්ත යන්න සොයා විමර්ශන ක්‍රියාත්මකයි

Share This