
විභාග කාලසීමාවේ ආපදාවලින් ඇතිවිය හැකි බාධා වළක්වා ගන්න විශේෂ වැඩපිළිවෙළක්
මෙවර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ඇති විය හැකි අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් හේතුවෙන් සිදුවන බාධා මගහරවා ගැනීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා
ඒ අනුව විභාග කාල සීමාව තුළ දී ආපදා හේතුවෙන් සිසුන්ට මුහුණදීමට සිදුවිය හැකි බාධා මග හැරගනිමින් සාර්ථකව විභාගයට මුහුණදීමට අවශ්‍ය යහපත් පරිසරයක් නිර්මාණය කිරීම මෙහි අරමුණයි
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් විභාග දෙපාර්තමේන්තුව සමග ත්‍රිවිධ හමුදාව පොලීසිය ඇතුලු ආපදා කළමනාකරණ ක්‍රියාවලිය හා සම්බන්ධ ආයතන සම්බන්ධීකරණයෙන් විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ඇතිවිය හැකි බාධා කළමනාකරණය කර ගැනීම සදහා අවශ්‍ය මාර්ගෝපදේශ අදාළ අංශ වෙත මේ වන විටත් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා
යම්කිසි දරුවෙකුට ආපදාවක් නිසා විභාගයට පෙනී සිටීමට බාධාකාරී තත්ත්වයක් පවතී නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන විශේෂ ඒකාබද්ධ හදිසි මෙහෙයුම් මැදිරි අංක වන 0113 668020/ 0113 668100 / 0113668013 / 0113668010 සහ 076 3 117 117 යන අංක වෙත හෝ විභාග දෙපාර්තමේන්තු හදිසි ඇමතුම් අංක 1911 යන දුරකථන අංකය ඇමතීමෙන් එම බාධා ඉවත්කර ගැනීමට අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කර ගත හැකි බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ