
අදත් ක්‍රියාත්මකවන තැපැල් වර්ජනය
තැපැල් වෘත්තීය සමිති ආරම්භ කර ඇති වැඩ වර්ජනය අද (18) දිනයේත් ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.
තම ඉල්ලීම් සඳහා මේ වන තෙක් සාධාරණ විසඳුමක් ලැබී නොමැති බව එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කර සිටියා.
මෙම වැඩවර්ජනය හේතුවෙන් ලක්ෂ 10 කට අධික ලිපි සහ පාර්සල් තැපැල් කාර්යාලවල ගොඩගැසී ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.