
අදානි සුළං විදුලිබල ව්‍යාපෘතියට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉල්ලා අස්කරගනියි
මන්නාරම වෙඩිතලතීවූ ප්‍රදේශයේ ඉන්දියාවේ අදානි සමාගම සමඟ සුළං විදුලි බලාගාරයක් ඉදිකරීම සඳහා ඇති කර ගෙන තිබූ තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (18) ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කරගෙන තිබෙනවා.
අදාළ ව්‍යාපෘතිය ඉවත් කර ගන්නා බවට ඉන්දියාවේ අදානි සමාගම විසින් මෙරට ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති බව නිතිපතිවරයා විසින් අධිකරණයට මෝසමක් ගොනුකරමින් දැනුම් දී ඇති බව සඳහන්.
එම දැනුම් දීමෙන් අනතුරුව අදාල මූලික අයිතිවාසිකම් පෙත්සම් පෙත්සම්කරුවන් විසින් ඉල්ලා අස්කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශ්ව පහක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇති බව සඳහන්.