අතුරුදන් වූ පුද්ගලයෙකු සොයන්න පොලිසිය මහජන සහය පතයි

අතුරුදන් වූ පුද්ගලයෙකු සොයන්න පොලිසිය මහජන සහය පතයි

අතුරුදන් වූ පුත්තලම දිසා වන කාර්යාලයේ අතිරේක වන පාලක නිලධාරීවරයෙකු සොයාගැනීම සඳහා පොලිසිය මහජන සහය අපේක්ෂා කරනවා.

2017 .05.27 දින සිට ඔහු අතුරුදන් වී ඇති බවට එම නිලධාරියාගේ බිරිඳ විසින් 2017.05.30 නිට්ටඹුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව සඳහන්.

එම පැමිණිල්ලට අදාලව විමර්ශන ආරම්භ කර අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර 2023.11.17 වන දින මෙම අතුරුදන් වූ පුද්ගලයාගේ බිරිඳ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිදු කරන ලද පැමිණිල්ලට අදාළව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

එම අතිරේක වන පාලක නිලධාරියා අතපත්තු මුදියන්සේලාගේ සුමේධ බුද්ධදාස නමැති 47 හැවිරිදි වියේ පසුවන අයෙකු වනවා.

Share This