
ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර සංචාරක අවස්ථා පුළුල් කිරීමට අවධානය
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනී Dewi Gustina Tobing මහත්මිය අතර හමුවක් පවත්වා තිබෙනවා
ඒ අනුව එහිදී දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික සබඳතා වර්ධනය කිරීම සඳහා වන කැපවීම මෙහිදී අවධාරණය කර ඇති බව සඳහන්
එමෙන්ම වෙළඳාම, සංචාරක, තාක්‍ෂණය සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර ආගමික සංචාර ක්ෂේත්‍රය ඇතුළු සංචාරක හුවමාරු පුළුල් කිරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා
ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට සහාය වීම සහ පාම් තෙල් ආනයනය කිරීම සහ කාබනික ද්‍රව පොහොර හඳුන්වාදීම සදහා ඇති අවස්ථා පිළිබඳවද තානාපතිවරිය මෙහිදී පෙන්වා දුන්නා.
මීට අමතරව ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන පද්ධතියට විදුලි වාහන යොදා ගැනීම සහ තොරතුරු තාක්ෂණ කර්මාන්තය සදහා වන සහයෝගීතාව පිළිබඳව ද දෙරටේ අවධානය යොමු කෙරුණා