“ක්ලීන් ශ්‍රී ලංකා” අරමුණුවලට යන්න අමාත්‍යාංශවල කාර්යභාරය සමාලෝචනයට

“ක්ලීන් ශ්‍රී ලංකා” අරමුණුවලට යන්න අමාත්‍යාංශවල කාර්යභාරය සමාලෝචනයට

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට අදාළව ඒ ඒ අමාත්‍යාංශවල කාර්යභාරය පිළිබඳ සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් අදාළ ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පවත්වා තිබෙනවා

එහිදී රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් බිලියන 05ක ප්‍රතිපාදන වෙන් කෙරුණු අතර එම ප්‍රතිපාදන ඵලදායීව භාවිතයට ගැනීම පිළිබඳ අදාළ අමාත්‍යාංශවලින් ලබා දී ඇති ව්‍යාපෘති වාර්තා සහ ඒ අනුව වෙන් කළ හැකි මූල්‍ය ප්‍රතිපාදන පිළිබඳ මෙහිදී විමසා බලා ඇති බව සඳහන්

එමෙන්ම පාසල්වල යටිතල පහසුකම් (සනීපාරක්ෂක) වැඩි දියුණු කිරීම, මාර්ග අනතුරු වළක්වා ගැනීම සහ මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ඉටු කළ හැකි කාර්යභාරය, සංචාරක කර්මාන්තයට අදාළ මාර්ගෝපදේශ සකස් කිරීම, කුලී රථ රියදුරන්ගේ ආකල්ප සහ සදාචාරත්මක හැසිරීම් වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා

මීට අමතරව මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයට අදාළ තිරසර සැලැස්මක් සකස් කිරීම, ඉහළ මහවැලි පෝෂක ප්‍රදේශවල පාංශු සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, මහවැලි කලාපවල තෝරාගත් ප්‍රදේශ කිහිපයක පරිසර පද්ධති සංරක්ෂණයට අවශ්‍ය පියවර ගැනීම ඇතුළු රට තුළ සාමාජීය, පාරිසරික මෙන්ම ආචාරධාර්මික පිබිදීමක් ඇති කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු නව වැඩසටහන් පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා

Share This