
ආරක්ෂක ලේකම් සහ අමෙරිකාවේ ඉන්දු – පැසිෆික් කලාපීය අණදෙන නිලධාරී අතර හමුවක්
අමෙරිකා එක්සත් ජනපද ඉන්දු – පැසිෆික් කලාපීය අණදෙන නිලධාරි අද්මිරාල් Samuel Paparo, අද (20) ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා හමුවී තිබෙනවා.
ඒ ආරක්‍ෂක අමාත්‍යාංශයේදී.
එහිදී අද්මිරාල් Paparo ගේ නායකත්වයෙන් යුත් අමෙරිකා එක්සත් ජනපද දූත පිරිස ආරක්‍ෂක ලේකම්වරයා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, ඉන් අනතුරුව ඔවුන් සමඟ සුහද සාකච්ඡාවක ද නිරත වූ බව සඳහන්.
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් Anthony Nelson ද මෙම අවස්ථාවට සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සාකච්ඡාව අතරතුර ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් වන ආරක්‍ෂක සහයෝගීතාව සහ කලාපීය ආරක්‍ෂක මුලපිරීම් ශක්තිමත් කිරීම ආදී කරුණු කිහිපයක් පිළිබඳ අවධානය යොමුවී තිබෙනවා.
එමෙන්ම සාකච්ඡාව අතරතුරදී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් වන ආරක්‍ෂක සහයෝගීතාව සහ කලාපීය ආරක්‍ෂක මුලපිරීම් ශක්තිමත් කිරීම ආදී කරුණු කිහිපයක් පිළිබඳ අවධානය යොමුවී ඇති බව සඳහන්.
මෙහිදී ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර පවතින දිගුකාලීන ආරක්‍ෂක හවුල්කාරිත්වය පිළිබඳව සිහිපත් කළ ආරක්‍ෂක ලේකම්වරයා ඒ පිලිබඳ සිය කෘතඥතාව පළ කර ඇති බවයි වාර්තා වන්නේ.
තවද අද්මිරාල් Paparo විසින් ශ්‍රී ලංකාව සමඟ ආරක්‍ෂක සබඳතා වැඩි දියුණු කිරීම කෙරෙහි එක්සත් ජනපදයේ කැපවීම යලිත් තහවුරු කල අතර, ඉන්දු – පැසිෆික් කලාපයේ ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීමෙහි වැදගත්කම පිළිබඳවද අවධාරණය යොමු කර ඇති බව සඳහන්.
ආරක්‍ෂක සහයෝගීතාව මෙන්ම, රාජ්‍යතාන්ත්‍රික හවුල්කාරිත්වය වර්ධනය කිරීම සඳහා පවතින නව ප්‍රවේශයන් ගවේෂණය කිරීමට දෙපාර්ශ්වයම කැපවී සිටින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.