ගණේමුල්ල සංජීව ඝාතනයට තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

ගණේමුල්ල සංජීව ඝාතනයට තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු මාදම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙනුයි.

මේ සම්බන්ධයෙන් සැකකරුවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා

පසුගිය පෙබරවාරි 19 වැනිදාඅළුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව යන අය වෙඩි තබා ඝාතනය කෙරුණා

Share This