
බන්ධනාගාරගත රැඳවියන්ගේ දඬුවම් ලිහිල් කිරීමේ සිව් වස් සමාලෝචන ක්‍රමවේදය යළිත්
බන්ධනාගාරගත රැඳවියන්ගේ දඬුවම් ලිහිල් කිරීමේ සිව් වස් සමාලෝචන ක්‍රමවේදය නැවතත් හඳුන්වාදීමට පියවර ගන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසනවා
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ වැලිකඩ සහ මැගසින් බන්ධනාගාරවල පවතින තත්ත්වය පිළිබදව සොයා බැලීම සඳහා ඊයේ (28) නිරීක්ෂණ චාරිකාවකට එක්වෛමින්
බන්ධනාගාරවල පවතින සිරකරුවන්ගේ තදබදය අවම කිරීම, බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව, සිරකරුවන්ගේ හා නිලධාරීන්ගේ සුභ සාධනය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී අමාත්‍යවරයා අවධානය යොමු කර තිබෙනවා.
එමෙන්ම බන්ධනාගාර නිලධාරීන්ට පවතින ජීවිත තර්ජන පිළිබදව අවධානය යොමුව ඇති අතර කළුතර, ගාල්ල, බූස්ස සහ මාතර බන්ධනාගාරවල රාජකාරී සිදු කරන නිලධාරීන්ට පවතින ජීවිත තර්ජන රාජකාරී කිරීමේදී පවතින අපහසුතා සම්බන්ධව විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.
මරණ දඬුවම් හා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විදින රැඳවියන්ගේ යහපත් කල් ක්‍රියාව, ඔවුන් සිර දඬුවම් විදින ලද කාල සීමාව, ඔවුන්ගේ පුනරුත්ථාපනය කාලය පිළිබදව සොයා බලා දඬුවම් ලිහිල් කිරීමේ සිව් වස් සමාලෝචන ක්‍රමවේදය පවතින නීතිමය ක්‍රමවේදයට අනුව අමාත්‍යාංශ මට්ටමින් නැවතත් හඳුන්වාදීමට කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියා