දේශබන්දු ධුරයෙන් ඉවත් කිරීමේ පරීක්ෂණ කමිටුව පත් කිරීමට අදාළ යෝජනාව සම්මතයි

දේශබන්දු ධුරයෙන් ඉවත් කිරීමේ පරීක්ෂණ කමිටුව පත් කිරීමට අදාළ යෝජනාව සම්මතයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ පරීක්ෂණ කමිටුවක් පත් කිරීමේ යෝජනාව අද (08) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

එම යෝජනාව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලී හේමචන්ද්‍ර මහත්මිය විසින් ඉදිරිපත් කළා.

එහිදී පැවති ඡන්ද විමසීමේදි ඒකමතිකව එම යෝජනාව සම්මත වුණා.

විෂමාචාරය සහ ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් ඒ මහතා ධුරයෙන් ඉවත් කිරීම සඳහා මෙම පරීක්ෂණ කමිටුවක් පත්කළ යුතු බවට මන්ත්‍රීවරිය විසින් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් යෝජනා කළා.

Share This