
යුක්රේන අර්බුදයට දේශපාලන විසඳුමක් සඳහා හිතකර කොන්දේසි නිර්මාණය කරන්නැයි චීනය ජගත් ප්‍රජාවෙන් ඉල්ලයි
යුක්රේන අර්බුදයට දේශපාලන විසඳුමක් සඳහා ජාත්‍යන්තර ප්‍රජාව හිතකර කොන්දේසි නිර්මාණය කරනු ඇතැයි බලාපොරොත්තු වන බව එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත කණ්ඩායමේ තාවකාලික නියෝජිත Geng Shuang මහතා පවසනවා.
ඔහු ඒ බව ප්‍රකාශ කළේ යුක්රේනයේ මානුෂීය ගැටලුව පිළිබඳව ආරක්ෂක මණ්ඩලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින්.
යුක්රේන අර්බුදය හා සම්බන්ධ කරුණු සංකීර්ණ බවත් සාමය යළි උදාකිරීමට තවත් බොහෝ දුර යා යුතු බවත් ඔහු එහිදී පෙන්වාදෙනු ලැබුවා.
එමෙන්ම මෙම අර්බුදයට දේශපාලන විසඳුමක් ප්‍රවර්ධනය කිරීම සඳහා ධනාත්මක වාතාවරණයක් සහ හිතකර කොන්දේසි නිර්මාණය කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව සටන් විරාමය, සාමය සහ සංවාදය පිළිබඳ වඩාත් තාර්කික හඬක් නඟනු ඇතැයි චීනය අපේක්ෂා කරන බවයි ඔහු අවධාරණය කර සිටියේ.
එබැවින් සාමය සඳහා වන සියලු උත්සාහයන් දිරිමත් කරන චීනය, රුසියාව සහ අමෙරිකාව අතර මෙන්ම යුක්රේනය සහ අමෙරිකාව අතර මෑත කාලයේ සාකච්ඡා පැවැත්වීම පිළිගන්නා බවත් මෙහිදී සඳහන් කළා.
යුද්ධය සිදු වූයේ යුරෝපීය මහාද්වීපයේ බැවින්, සාමය සඳහා කාර්යභාරයක් ඉටු කිරීම යුරෝපයේ වගකීමක් බවද චීනය අවධාරණය කර තිබෙනවා.
ඒ අනුව අර්බුදයේ මූලය විසඳා, සාධාරණ, කල් පවතින, ශක්තිමත් බැඳීම් සහිත, ගැටලුවට අදාළ පාර්ශ්වයන්ට පිළිගත හැකි සාම ගිවිසුමකට එළඹීම ප්‍රවර්ධනය කිරීම සඳහා, චීනය එම සියලු පාර්ශ්වයන්ට සහ එහි බලපෑම් සහිත පාර්ශ්වයන්ට සාම සාකච්ඡාවලට සහභාගී වීමට සහයෝගය දක්වන බව ද Geng Shuang මහතා ප්‍රකාශ මෙහිදී පවසා තිබෙනවා.