පශු කර්මාන්තයේ යෙදෙන ගොවීන්ගේ ප්‍රතිලාභ ඉහළ දමයි

පශු කර්මාන්තයේ යෙදෙන ගොවීන්ගේ ප්‍රතිලාභ ඉහළ දමයි

ගොවි ජනතාව වැඩි වැඩියෙන් සත්ත්ව පාලනයට යොමු කිරීමේ පරමාර්ථය මත ගවයින් සහ එළුවන් සඳහා වන රක්‍ෂණ ක්‍රියාවලිය තවදුරටත් සක්‍රීය කිරීමට කටයුතු කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පැවසුවේ සත්ත්ව පාලනයේ යෙදෙන ගොවීන්ට රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ අයකරනු ලබන අඩුම වාරික මුදල අයකිරීම මඟින් ගවයන් සහ එළුවන් සඳහා මෙම රක්‍ෂණ ආවරණ ලබාදීම සිදුවන බවයි.

මෙවැනි සතුන් මියයාමකදී හෝ පුර්ණ ලෙස බෙලහීනවීමකදී රක්ෂිත මුදල ගෙවීමට කටයුතු කෙරෙනු ඇති.

ගව රක්ෂණය සඳහා ගවයාගේ වෙළඳපොල වටිනාකමින් 3% – 4% අතර රක්ෂණ වාරිකයකුත්, එළුවන් සඳහා උපරිමය 7% ක රක්ෂණ වාරිකයකුත් අය කරනු ලබන අතර මේ යටතේ ගොවි මහත්ම මහත්මීන් විසින් ඇති කරනු ලබන සියලුම සතුන් සඳහා රක්ෂණ ආවරණය ලබා ගැනීමට හැකියාව පවතිනවා.

මේ සම්බන්ධ වැඩි විස්තර දිවයින පුරා පිහිටි දිස්ත්‍රික් කාර්යාල සම්බන්ධ කර ගැනීමෙන් ලබා ගැනීමට හැකි බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Share This