
ට්‍රම්ප්ගේ තීරුබදු ගැන සජිත්ගෙන් ජනපතිට සාධනීය යෝජනා රැසක්
ජනාධිපතිවරයා සමග අද පැවැති සර්ව පාක්ෂික සමුළුවේ දී අමෙරිකාව විසින් මෙරට අපනයන කෙරෙහි පනවා ඇති 44%ක ප්‍රතිචාරක බදු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඒ සදහා මුහුණ දීමට අවශ්‍ය සාධනීය යෝජනා රැසක් ඉදිරිපත් කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර තිබෙනවා.
එහිදී පවතින IMF ගිවිසුම සංශෝධනය කිරීම කෙරෙහි වන යෝජනාවක් ද ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ බවයි ප්‍රේමදාස මහතා සඳහන් කර සිටියේ.
ප්‍රතිචාරක බදු 44%ක් අමෙරිකාව විසින් පැනවීම යන මාතෘකාව යටතේ ජනාධිපතිවරයා විසින් කැඳවා තිබූ සර්ව පාක්ෂික සමුළුව අවසානයේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කර සිටියා.