අමෙරිකානු සමාගම් 12 ක් චීන වාණිජ අමාත්‍යාංශයේ අපනයන පාලන ලැයිස්තුවට

අමෙරිකානු සමාගම් 12 ක් චීන වාණිජ අමාත්‍යාංශයේ අපනයන පාලන ලැයිස්තුවට

අමෙරිකානු සමාගම් 12ක් අපනයන පාලන ලැයිස්තුවට ඇතුළත් කරන බව චීන වාණිජ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ, චීන මහජන සමූහාණ්ඩුවේ අපනයන පාලන නීතිය සහ ද්විත්ව භාවිත අයිතම අපනයන පාලනය පිළිබඳ රෙගුලාසිවලට අනුව යමින්, ජාතික ආරක්ෂාව හා අවශ්‍යතා ආරක්ෂා කිරීම සහ අවි නිර්ව්‍යාප්තිය පිළිබඳ සිය ජාත්‍යන්තර බැඳීම් ඉටු කිරීම සඳහා, ඇමරිකානු Photonics සමාගම ඇතුළු සමාගම් 12ක් අපනයන පාලන ලැයිස්තුවට ඇතුළත් කරන බවයි.

අද දින සිට මෙය බලාත්මක බවයි වාර්තා වන්නේ.

මේ අතර Shield AI,Inc., Sierra Nevada, Cyberlux, Edge Autonomy Operations, Group W, Hudson Technologies යන අමෙරිකානු සමාගම් හය ද විශ්වසනීය නොවන ඒකකවල නාමාවලියට ඇතුලත් කර ඇතැයි ද අදාල නිවේදනයේ වැඩිදුරටත් දන්වා තිබෙනවා.

Share This