
හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝස්ත්සවය මෙවර මහනුවරදී
සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයට සමගාමීව පැවැත්වෙන හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ ශ්‍රී මහා නාථ දේවාල භූමියේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
අප්‍රේල් මස 16 වැනි බදාදා පූර්ව භාග 09.04ට යෙදෙන සුබ මොහොතින් හිස තෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය පැවැත්වෙන අතර මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු සහ අස්ගිරි උභය විහාර පාර්ශ්වයේ අති පූජ්‍ය මහනායක ස්වාමීන්වහන්සේලාගේ අනුශාසකත්වයෙන් මෙය පැවැත්වීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ.
එය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.