ට්‍රම්ප්ගේ තීරුබදු නැවත ඉහළ මට්ටමින් පනවන ලකුණු

ට්‍රම්ප්ගේ තීරුබදු නැවත ඉහළ මට්ටමින් පනවන ලකුණු

ට්‍රම්ප් පරිපාලනය විසින් පනවා තිබූ තීරුබදු ප්‍රතිපත්ති කිහිපයක් ඉවත් කිරීමෙන් පසුව යළිත් ලෝක වෙළෙඳපොළේ කොටස් වෙළෙඳපොළ ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ජපානයේ නිකේයි 225 කොටස් වෙළෙඳපොළ දර්ශකය 2% කින්ද, දකුණු කොරියාව කොස්පී කොටස් වෙළෙඳපොළ දර්ශකය 1.1% කින්ද ඉහළ ගොස් ඇති බව සඳහන්.

එමෙන්ම ඕස්ට්‍රේලියාවේ ඒ එස් එක්ස් 200 දර්ශකය 0.7% කින් ඉහළ ගොස් තිබෙනවා.

කෙසේවෙතත් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත්තේ ඉහළ තීරුබදු පැනවීම තමන් ස්ථීරවම නවතා නොමැති බවයි.

මෙම ප්‍රකාශය පැමිණෙන්නේ චීනය වෙත පනවා තිබූ 145% ක ඉහළ තීරු බද්දෙන් ස්මාර්ට්ෆෝන් සහ පරිගණක නිදහස් කර ඇති බව නිවේදනය කිරීමෙන් අනතුරුවයි.

නමිත් ඔහු පවසන්නේ මෙම අත්හිටුවීම ද තාවකාලික වන අතර චීනය ඇතුළු රටවල්වලට ඉදිරියේදී තමන් නැවතත් ඉහළ තීරුබදු පනවන බවයි.

ඒ අනුව ඉලෙක්ට්‍රොනික උපකරණ සහ අර්ධ සන්නායක චිප් සඳහා නව තීරුබදු ප්‍රකාශයට පත්කිරීමට ට්‍රම්ප් සූදානම් වනවා.

මෙම පියවර හරහා ඇපල් නිෂ්පාදන සිදුකරන චීන වෙළෙඳාම තවදුරටත් කඩාකප්පල් විය හැකි බවයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

Share This