
දේශපාලන පක්ෂ වෙත මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්
පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධව දේශපාලන පක්ෂ වෙත මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අදාළ මැතිවරණය සඳහා තරග කිරීම වෙනුවෙන් භාරදෙන ලද පෙත්සම්වල සහ නඩු තීන්දුවල පිටපත් අදාළ දිස්ත්රික්කයේ දිස්ත්රික් මැතිවරණ කාර්යාල වෙත ලබාදෙන ලෙස ඒ ඒ දේශපාලන පක්ෂ ලේකම්වරු/බලයලත් නියෝජිතයින් හා ස්වාධීන කණ්ඩායම් නායකයින් වෙතින් මැතිවරණ කොමිසම ඉල්ලීමක් කර ඇති බව සඳහන්.