
AI තාක්ෂණයෙන් නිර්මාණය කළ අසභ්‍ය පින්තූර අලෙවි කළ ජපානයේ සිව් දෙනෙකු අත්අඩංගුවට
AI තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය කරන ලද අසභ්‍ය පින්තූර විකිණීම සම්බන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු ජපාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සැකකරුවන් අවුරුදු 20 සිට 50 දක්වා වයස්වල පසුවන අය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කාන්තාවන්ගේ අශෝභන ඡායාරූප ඇතුළත් පෝස්ටර් සාදා ඒවා අන්තර්ජාල වෙන්දේසි අඩවිවල අලෙවි කර ඇති බවට ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.
AI මගින් නිර්මාණය කරන ලද අසභ්‍ය පින්තූර විකිණීම සම්බන්ධයෙන් ජපානයේ සිදුවූ පළමු අත්අඩංගුවට ගැනීම මෙය වන බව සඳහන්.