
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද තැපෑලට
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද (16) දිනයේ තැපෑල වෙත බාරදීමට නියමිත බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසනවා.
ඔහු පැවසුවේ අප්‍රේල් මස 20 වනදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක් ලෙස යොදාගෙන ඇති බවයි.
එමෙන්ම, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද රක්ෂණ පැකැට්ටු තැපෑල වෙත භාරදීම ඊයේ දිනයේ දී සිදුකර තිබේ.
දිස්ත්‍රික්ක 6කට අයත් පළාත් පාලන ආයතන 09කට අදාළ රක්ෂණ පැකට්ටු තැපෑල වෙත භාරගත් බවද රුවන් සත්කුමාර මහතා සඳහන් කළ අතර මෙතෙක් ලැබුණු තැපැල් ඡන්ද රක්ෂණ පැකට්ටුවලින් සියයට 70කට වැඩි ප්‍රමාණයක් මේවනවිට බෙදාහැර අවසන් බව ද සඳහන්.