පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයාට සහ බිරිඳට වසර 15ක සිර දඬුවම්

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයාට සහ බිරිඳට වසර 15ක සිර දඬුවම්

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඔලන්ටා උමාලා සහ ඔහුගේ බිරිඳ වන නදීන් හෙරෙවියාට වසර 15ක සිර දඬුවම් නියම කර තිබේ.

ඒ, මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වූ චෝදනාවකට වරදකරුවන් කරමිනි.

2006 සහ 2011 දී ඔහුගේ මැතිවරණ ව්‍යාපාර සඳහා බ්‍රසීලයේ ඉදිකිරීම් සමාගමකින් නීති විරෝධී ආකාරයට අරමුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන්ට මෙලෙස සිර දඬුවම් නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

62 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ මෙම චෝදනා ප්‍රතික්ෂේප කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත්, වසර තුනකට අධික කාලයක් පැවති නඩු විභාගයකින් අනතුරුව ඊයේ (අප්‍රේල් 15) එරට අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී තිබේ.

Share This