සිරි දළදා වන්දනාව වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල සහ රථවාහන සැලැස්ම

සිරි දළදා වන්දනාව වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල සහ රථවාහන සැලැස්ම

සිරි දළදා වන්දනාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

ලබන 18 වනදා පස්වරු 03.30ට ආරම්භ කරනු ලබන සිරි දළදා වන්දනාව 27 වනදා දක්වා දින 10ක කාලයක් දහවල් 12.00 සිට පස්වරු 05.30 දක්වා මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

සිරි දළදා වන්දනාව සඳහා ලක්ෂ 20කට අධික දෙස් විදෙස් බැතිමතුන්ගේ පැමිණීම අපේක්ෂා කරන අතර අදාළ කාලය තුළ ශ්‍රී දළදා වහන්සේගේ සහ දළදා මාලිගාව අවට පරිශ්‍රයේ ආරක්ෂාව, පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.

ඒ අනුව මහජනතාව සෝදිසි කිරීම, රථවාහන පාලනය හා මාර්ග බාධක රාජකාරි යෙදවීම සිදු කරනු ලබන අතර ඒ සඳහා රාජ්‍ය නිවේදිත නිලධාරීන් 35ක් ඇතුළු පොලසි නිලධරයන් 10,000කට අධික ප්‍රමාණයක් රාජකාරියේ යොදවනු ඇති.

සිරි දළදා වන්දනාව සඳහා බැතිමතුන් පැමිණෙන වාහන මගින් නගරයේ ඇතිවන රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා මෙම රථවාහන මහනුවර නගරයට ඇතුළු වීම සීමා කර තිබෙනවා.

සිරි දළදා වන්දනාව සඳහා බැතිමතුන් පැමිණීමේදී සුදු වතින් සැරසී පැමිණෙන ලෙසත්, විශාල ප්‍රමාණයේ ගමන් මළු, කැමරා, වීඩියෝ උපකරණ හා අනෙකුත් විද්‍යුත් උපකරණ ශ්‍රී දළදා මාලිගාව වෙත රැගෙන ඒමෙන් වළකින ලෙස පොලිසිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා.

බැතිමතුන් පැමිණෙන වාහන ලබන 17 වනදා උදෑසන 06.00 සිට සිරි දළදා වන්දනාව අවසන් වන තෙක් මහනුවර නගරයට ඇතුළු වීම නවතා ඇති අතර ඒ සඳහා ස්ථාන කිහිපයක වාහන ගාල් කිරීමට කටයුතු කර බැතිමතුන් පොදු ප්‍රවාහන මගින් ශ්‍රී දළදා මාලිගාව දක්වා ප්‍රවාහනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

එම ස්ථාන පහතින්…

 

 

එමෙන්ම අදාළ කාලසීමාව තුළ මහනුවර නගරය හරහා පැමිණෙන වාහන සඳහා හඳුන්වා දී ඇති විකල්ප මාර්ග පහතින්….

 

 

මීට අමතරව සිරි දළදා වන්දනාව වෙනුවෙන් ක්‍රියාත්මක අනෙකුත් වැඩසටහන් පිළිබඳ වූ සවිස්තරාත්මක විස්තරයක් පහතින්…

 

 

 

Share This