තීරු බදු පැනෙව්වාට ට්‍රම්ප්ට නඩු

තීරු බදු පැනෙව්වාට ට්‍රම්ප්ට නඩු

තීරු බදු පැනවීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව කැලිෆෝනියා ප්‍රාන්ත ආණ්ඩුකාර ගැවින් නිව්සෝම් නඩු පැවරීමට පියවර ගෙන තිබෙනවා.

ඒකපාර්ශවික ගෝලීය තීරු බදු පැනවීම තුළින් කැලිෆෝනියානු පවුල් සහ ව්‍යාපාරවලට හානි සිදු වන බවට ඔහු චෝදනා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම මෙක්සිකෝව, චීනය සහ කැනඩාවට එරෙහිව තීරු බදු පැනවීමට සහ ලෝකයේ සෙසු රටවලින් ආනයනය කරන භාණ්ඩ සඳහා 10%ක මූලික තීරු බදු පැනවීමට ට්‍රම්ප්ට බලය නොමැති බවද කැලිෆෝනියා ප්‍රාන්තය නිවේදනය කර තිබෙනවා.

කෙසේ නමුත් තීරු බදු පිලිබඳ තීරණයේ වෙනසක් නොකරන බවත් අමෙරිකාවේ නිෂ්පාදන කර්මාන්ත ආරක්ෂා කර ගනිමින් විදෙස් භාණ්ඩ ආනයනය අවම කිරීමේ අපේක්ෂාවෙන් තීරු බදු පැනවීම කළ බවද ධවල මන්දිරය සඳහන් කරයි.

අමෙරිකාව අභ්‍යන්තරයෙන්ම එර‍ටින් පැනවූ තීරු බදුවලට එරෙහිව නඩුවක් ගොනු වූ පළමු අවස්ථාව මෙයයි.

Share This