
පාස්කු උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්
පාස්කු උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය පවසනවා.
කිතුනු බැතිමතුන්ගේ පාස්කු උත්සවයේ දේව මෙහෙයන් ලබන 18 සහ 20 යන දිනවලදී පැවැත්වෙන බැවින් එම දිනවල බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් සියළුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීන් ඇතුළු සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබාදී ඇති බව සඳහන්.
ඒ අනුව බැතිමතුන් වැඩි වශයෙන් පැමිණීම සිදුවිය හැකි දේවස්ථාන හඳුනාගෙන එම ස්ථානයන්හි සහ ඒ අවට ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන තිබෙනවා.
ප්‍රධාන දේව මෙහෙයන් පැවැත්වෙන දේවස්ථාන සඳහා වැඩි අවධානයක් යොමු කර ආරක්ෂක පියවර ගන්නා ලෙසත් වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.
පාස්කු උත්සවය වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල සඳහා පොලිස් නිලධාරීන්, විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් යෙදවීමටයි පියවර ගෙන ඇත්තේ.