පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දිනවල වෙනසක්

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දිනවල වෙනසක්

එළඹෙන මැයි මස 6 වනදා පැවැත්වීමට නියමිතව ඇති පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දින සංශෝධනය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව අප්‍රේල් 24, 25, 28 සහ 29 යන දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමේ සංශෝධිත දින වන බවයි එම කොමිසම සඳහන් කළේ.

ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන 339ට අදාළ සියලුම ඡන්දහිමියන් වෙත බෙදාහැරීම සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ඊයේ (16) තැපෑලට භාර දී තිබෙනවා.

ඉදිරියේදී එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අදාළ ගෘහ වෙත ලැබෙනු ඇති අතර ලබන 29 දින වන විටත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණහොත් තමාගේ ඡන්දය ලියාපදිංචි ස්ථානයට අදාළ වන තැපැල් කාර්යාලය වෙතින් ඒ සම්බන්ධව විමසීම් කරන ලෙසයි මැතිවරණ කොමිසම දැනුම්දෙන්නේ.

Share This