දකුණු කොරියානු ජනපතිගේ දෝෂාභියෝගය එරට අධිකරණයෙන් අනුමතයි

දකුණු කොරියානු ජනපතිගේ දෝෂාභියෝගය එරට අධිකරණයෙන් අනුමතයි

දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල්ට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගය එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් අනුමත කර තිබෙනවා.

පසුගිය දෙසැම්බරයේ ඔහු යුධ නීතිය ප්‍රකාශ කිරීම හේතුවෙන් ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරුණු අතර එළඹෙන ජුනි මාසයේදී එරට ජනාධිපතිවරණය කැඳවීමට ද සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රටට එරෙහි කුමන්ත්‍රණ කළ බවට වන චෝදනාවට අදාළව අත්අඩංගුවට ගත් දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් හට පසුගියදා රැඳවුම් භාරයෙන් නිදහස හිමිව තිබුණා.

Share This